සේවාවන්
සිවිහෙළ අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකාය
විශ්‍රාමික රණවිරුවන්, රට විරුවන් හා තරුණ පරපුර ඒකරාශි කරමින් ආර්ථික බලකායක්, ආධ්‍යාත්මික බලකායක් හා ආපදා බලකායක් නිර්මානය කරමින් මාතෘ භුමිය තුල බුද්ධිමත්, යහපැවැත්මක් සහිත ආර්ථිකය ශක්තිමත් ධනාත්මක සිතුවිලි ඇති මිනිසුන් බිහි කිරිමට සැලසුමි කරයි. අපගේ සැලසුම් වන්නේ
විශ්‍රාමික රණවිරුව
විශ්‍රාමික රණවිරුවන් දශක තුනක ඉතිහාසයක මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කල මෙහෙවරට ගෞරවනිය බවක් එක් කරමින් සමාජයේ වැඩදායි හා අභිමානවත් පුරවැසියන් ලෙස ඉදිරියට ගෙන ඒම සහ ඔවුන්ගේ පවුල් පසුබිම මෙන්ම රටෙි ආර්ථිකයට දායකත්වය දක්වන විශ්‍රාමික රණවිරු කළමණාකාරිත්වය ඇතිව දේශිය හා විදේශිය වෙළදපොළ සැකසිම .
විදෙස්ගත ශ්‍රමිකයන්
අද වන විට රට ගොඩ නගන ඩොලර් උපයන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල් සංස්ථාව තුල ස්වයං රැකියා අවස්ථා හදුන්වා දෙමින් ඔවුන් දුක්විද මහන්සි වි උපයන ඩොලර් ඉතිරි කර ගැනිමටත් ඒ සදහා සුදුසු පැතිකඩ නිර්මාණය කරදිම.
විශිෂ්ට ස්වයං නිෂ්පාදන හා සේවා
සමාජය තුල අද වන විට මතු අනාගතය භාර ගැනිමට සිටින තරුණ පරපුර වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් ව්‍යවසායකයකු මෙන්ම විශිෂ්ට ස්වයං නිෂ්පාදන හා සේවා සපයන්නන් ලෙස මෙන්ම කෘෂි, හස්ත, මිරිදිය, කර්මාන්තය තුල ඉහලට ඔසවා තැබීම.
බුද්ධිමත් විනයගරුක තාරුණ්‍යක්
මතට හුරුවිම හා සමාජ අසම්මතයන්ගෙන් ඉවත් කරමින් බුද්ධිමත් විනයගරුක තාරුණ්‍යක් බිහි කිරිම
ඒ වගේම අප වසර 3කට අධික කාලයක් සිදුකල සමාජ මෙහෙවර එලෙසින්ම පවත්වා ගනිමින් සමාජ සුභසාධන වැඩ සටහන් ඉදිරියටත් සිදු කරගෙන යාම අපගේ අරමුණයි. ඔබ සමාජයට මෙහෙවරක් ඉටු කිරීමට කැමැති නම් හා ඔබට විදෙස් සමිබන්ධතා ඇතිනමි ස්වයං රැකියා නිෂ්පාදන දෙස් විදෙස් වෙළද පොළ වෙත ගෙන යාමට සහයෝගය දායකත්වය දැක්වියහැකිය. අපගේ සමාජ මෙහෙවරට ඔබ එකගනමි තවත් අයකුගේ ජිවිතය වෙනස් කරන්න ඔබ කැමතිනමි පින්සිත් ඇති පිං කැමති ඔබටත් අපගේ සාඩම්බර සාමාජිකයකු ලෙස එක්වන්න ආරාධනා කර සිටිමු
බලකායන්
ආර්තික බලකාය
ජන ජිවිත ගොඩ නගමින් ආර්ථීකය හා කළමණාකාරිත්වය ඉහල නංවමින් දිරිමත් ග්‍රාමිය පැතිකඩක් වෙත ගෙනයමින් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කර නිෂ්පාදන දේශිය හා විදේශිය වෙලද පොල වෙත යොමු කරන්නටත් වස විසෙන් තොර එළවලු පලතුරු වගාව මෙන්ම කෘෂිකර්මාන්තය, පේෂකර්මාන්තය, හස්ත කර්මාන්තය හා මිරිදිය මත්ෂ කරුමාන්තය ඉහල නැංවිමට අපගේ අරමුණයි ඒ තුල තාරුණ්‍ය නව තාක්ෂණික පැතිකඩ හරහා නිෂ්පාදන වලට හුරු කරලිම හා ඉහල ආර්ථික ශක්තියක් ඇති.කිරිම අප බලකායේ සැලසුමයි
ආධ්‍යාත්මික බලකාය
එදා අපේ මුතුන් මිත්තෝ ඉරෙන් හදෙන් වැඩ ගත්තෝ….. අද වන විට සියල්ල අගාදයට ඇද වැටෙමින් විනාසයට ලක් වෙමින් සියල්ල මුදල් කරමින් බවති අපගේ ආයුර්වෙිද පරමිපරාව, හෙල වෙදකම ඒ වගේම යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර බලි තොවිල් ඇතුලු ශාන්තිකර්ම කලාව අද දකින්නටම නැති තරමිය එය හරියටම සන්නා කෙනෙක්ද නැති තරම්ය. අංගමි පොර සටන් කලාව අපගේ රණ ශුරත්වය පිලිඹිබු කල තවත් යුගයකි මහා වංශ කතා යුගයුග බැදි ඉතිහාසය දැන් වියෙකෙමින් පවති. මෙි වෙනුවෙන් අප යමක් කල යුතුමයි තරුණ පරපුර ඒකරාශී කරමින් ආධ්‍යාත්මික දියුණුවක් සමගින් මනසින් දකින දැහැමි සමාජ වටපිටාවක් නිර්මාණය කිරිම අරමුණයි….
ආපදා බලකාය
අප රටෙි යමි යමි කාලසිමාවලදි භු විෂමතා මෙන්ම මිනිසුන්ගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් යමි යමි විපර්යාස සිදුවිය ජල ගැලිමි, කදු නායයැමි, ගිනි ගැනිමි, මුහුද ගොඩ ගැලිමි මෙි සියල්ල සදහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය නිරන්තරයෙන් දායකත්වය දක්වන ලදි මෙි සදහා සහයෝගයක් දායකත්වයක් දැක්විමට තාරුණ්‍ය ජවය ඒකරාශී කරගනිමින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් බලකායක් නිරිමාණය කරන්න අපගේ අරමුණයි
උපදේශන සේවාවන්
අද වන විට අප රට, දියුණු වෙමින් පවතින රටක් ලෙස, විශාල අභියෝගයන්ට මුහුණ දෙයි. විශේෂයෙන්, රැකියාව අවම වීම හා අධ්‍යාපන අඩුපාඩු මත තරුණ තරුණියන් සමාජයේ අසම්මත ක්‍රියාවන්හි නිරත වන අයුරු අපට දැකගත හැක. රටේ අනාගතය භාර ගැනීමට සිටින මෙම පරපුර, විශාල වශයෙන් අලුත් අවස්ථා සොයමින් මත් ද්‍රව්‍ය, දූෂණය සහ විනාශකාරී ක්‍රියාවන්ට යොමු වේ.
අපගේ අරමුණ වන්නේ, ඔවුන් එවැනි අවදානම් තත්ව වලින් මුදවා ගෙන, සමාජ සම්මත හා ගුණාත්මක ක්‍රියාවන්හි නිරත කිරීමට උපකාර කිරීමයි. එමඟින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, ධනාත්මක සිතුවිලි හා නිවැරදි ආකල්ප වලින් සම්පූර්ණ සමාජයක් බිහි කිරීමත් අපගේ දැක්ම වේ.
අරමුදල් හා ද්‍රව්‍යමය පරිත්‍යාග
අද වන විට පදනමි ආයතන සංවිධාන කොතෙක් තිබුනද අප දකින සැබෑම සේවාවක් නොදනි අප විශ්‍රාමික රණවිරු කළමණාකාරිත්වය තුල විනිවිද භාවයක් හා විස්වාසනියව ගෞරවනියව සැබෑම සමජ මෙහෙවරකට දායකත්වය දක්වන්නට ගෝලිය ආධාර දෙන දෙස් විදෙස් ඔබගේ මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර උපකාර යටතේ සැබෑම සේවාවක් සපයන්න සැලසුමි කර ඇත අපගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් දරුවන් තරුණ පරපු මෙන්ම වැඩිහිටි අසරන දෙමාපියන් වෙනුවෙන් සරනක් වෙන්න ඔබට ඇරයුමි කරමු
සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන්
අද සමාජයේ බෝ නොවන රෝග හේතුවෙන් වැඩි පිරිසක් රෝගාබාධ වලට මුහුන දි ඇත. වස විස ඇති ආහාර රටාවන්ට හුරුවිම, අවම මිල ගණන් යටතේ අඩු ගුණාත්මක ආහාර ගැනීම හා දෛනික කාර්යයන් හේතුවෙන් මොවුන් ගේ ජිවිත අවධානම් විම වලකා ගැනිමට සැලසුම් කළ යුතු වේ. දරුවකු පිලිසිද ගැනීමේදී පවා සමහර දෙමාපියන් මන්දපොෂන තත්වයන්ට ලක්ව ඇත.
දරුවන් පෙර පාසැල් අධ්‍යාපනයේ සිට ද්විතීයික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දක්වා ඇති අඩුපාඩුකම් මග හැරවිම මෙන්ම සමාජයේ ඉහල පැවැත්මක් ඇති විනයගරුක පරපුරක් බිහි කිරිමට හොද පුරුදු දැනුවත් කර යහපැවැත්මක් ඇති කිරිම අපගේ අරමුණයි
තාරුණ්‍ය ශක්තිමත් කිරි
අද වන විට අනාගත පරපුර භාර ගැනිමට සිටින තරුණ පිරිස නිසි මාර්ගෝපදේශනයක් සහිතව විනය,නායකත්වය, ගරුත්වය, සැලසුම් කිරිම හා සැලසුම් ක්‍රියාත්මක කිරිම තුලින් ව්‍යවසායකයකු ලෙස නිර්මාණය කිරිම, ධනාත්මක ආකල්ප වර්ධන තුල සමාජයේ යහ පැවැත්මට දායකත්වය දක්වන පුරවැසියන් ලෙස ගෙන ඒමටත් ස්වයං රැකියා නව නිර්මාණ දෙස් විදෙස් වෙළද පොලට ගෙනියන තාරුන්‍ය බිහි කිරිම අපගේ අරමුණයි. එදා මෙදා තුර සංවිධාන, පදනම් හා ආයතන මගින් හුරුකල ආධාර මත යැපෙන ජාතියක් වෙනුවට නිපැයුම් මතින් ආර්තිකය ශක්තිමත් කල හැකි ජාතික පවුරක් නිර්මානය කිරිම මෙමගින් සිදු කරයි
රැකවරණය
අද වන විට දරිද්‍රතාවය හා උද්දමනය තුල ජිවිකාව ගෙවා ගැනිමට නොහැකිව අසරණවු දෙමාපියන් දෙමාපියන්ගේ අසරනකම හා වැරදි ක්‍රියාවන් හේතුවෙන් නොමග යන දරුවන් මෙන්ම මාර්ගවල සිටින යාචකයන් වැනි අය වෙනුවෙන් සිවිහෙළ අරණ නමින් වැඩිහිටි හා ලමා නිවාස පවත්වාගනිමින් අද දකින්නට ඇති ලමා හා වැඩිහිටි නිවාස ක්‍රමය වෙනස් කර ආධ්‍යාත්මික පැතිකඩක් හරහා නිර්මානය කරන්න අප සුදානමි
පුහුණුව
රැකියා විරහිත තාරුන්‍ය වෙනුවෙන් එක් එක් ස්වයං රැකයා අවස්ථා හදුනාගනිමින් ඔහුන්ට ආවෙිනික වු පාඨමාලාවන්ට හුරු කරලිම එහිදි ඔවුන්ගේ දෛනික ජිවත් විම පාඨමාලාව හදාරන කාලසිමාව තුල දායකත්වය සැපයිම එතුලින් ඔවුන් නිසි ක්‍රමවෙිදයක්මත පුහුණුව අවසන් කර ස්වයං රැකයා අවස්ථා වෙත යොමු කිරිම
